නෙතු පියන් වසා සෙමින් සැරේ
වියලෙන දෙතොලග
ලෙන්ගතුවම සිප ගන්න
නුඹ නැතත් මා ලගින්…….
නිහඬ ඒ සොදුරු මතකයන්……..
මා ජීවත් කරයි තව තවත්……
හරි අහිංසක ලෙසට
මැවි මැවි මියදෙන
නුබේ කුලුදුල් ඒ සිනහව
මට කියයි හදවතින්
සොයා යන්න නුඹ ගිය
ඒ ලොවට................................
බුදු දහමකට හද නැමී
මියදෙන්න බෑ අකල් වී
නිසසලයි සංවරයි මේ සිත....
තව තවත් නුබෙ නමින්
ඉකි ගසා හද රිදවමින්
දිවි ගෙවම් මම නුඔ නමින්
දිවි ගෙවම් මම නුඔ නමින්
එක් වෙන්න මතු භවෙත්...................