ලස්සන කතාවක්.............






වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

මේක කොච්චර විතර බර ඇද්ද?”

ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.
මහාචාර්යය වරයා නැවතත් විමසීය.

මුකුත් වෙන එකක් නැහැසිසුන් පිළිතුරු දිනි.

හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”

ඔබගේ අත කකියන්න පටන් ගනියිසිසුන් නැවතත් පිළිතුරු දිනි.

ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.
අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැකටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
නැහැසිසුන් පිළිතුරු දිනි.

එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද? ”
සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

වීදුරුව බිමින් තියන්න

හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.

මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.

අදිටන් කරගන්න



දවසක් මම ගියා උදේම කඩේකට එතකොට තමා මම දැක්කේ මෙන්න මේක
ලස්සනට ලියලා කඩේ අලවලා තියෙනවා. ඇත්තටම මිනිස්සුන්ට මෙහෙම වෙන්න , කරන්න පුළුවන්නම් කොච්චර වටිනවාද කියලා මට හිතුනා.

එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින් 

ඉඳගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
 
කන්න - ඔබට ප්‍රමාණවත් තරම්
 
බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නො වන දෙයක්
 
ලියන්න - දැනුමත්, වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්
 
කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්
 
කතා කරන්න - ප්‍රයෝජනවත්, අවශ්‍යදෙයක් පමණක්
 
සිනහවන්න - සමච්චලයට නොව අවංක හදවතින්ම
 
කියන්න - අයහපත් නො වන ඕනෑම දෙයක්
 
අහන්න - කියන්නා කෙසේ වෙතත්, සිහිබුද්ධියෙන්, ඕනෑකමින්
 
බලන්න - දෙනෙතට මනසට ප්‍රියකරන යමක්
 
ඉන්න - කිසිවිටක කිසිවෙකුට කරදරයක් නො වන සේ
 
අඳින්න - පිරිසිදුව, චාම්ව, සංස්කෘතියට ගැලපෙන සේ
 
ඉගෙනගන්න - හැමවෙලාවේම වටිනා යමක්
 
පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන්
වියදම් කරන්න - කාලය සහ මුදල් අර්ථවත් යමක් වෙනුවෙන්
හම්බ කරන්න -  මුදල් මෙන්ම මිනිසුන්
 උත්සාහ කරන්න - උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැති නිසා
 
සෝදන්න - අනික්වා මෙන්ම හදවතත්
 
ඉතිරිකරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්
 
නිදාගන්න - විරාමයක් ලබාගන්න පමණක්
 
නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු මෙන්
 
ඇවිදින්න - බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසා
 
යන්න - යා යුතු මග ඉදිරියට නොබියව
 
හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු
 
මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ මනුෂ්‍යයකු ලෙස සතුටින්

 _Sameera Prasanna kumara_

මෙන්න තවත් වටිනා ඔවදනක්

1.    නොකඩවා වැඩකරන්න, සාර්ථකත්වය ඔබ සොයා එනු ඇත.
2.   
අලසයාට සිඟමන වවුද කල නොහැක.
3.   
මනුෂ්‍යත්වයට සමකල හැකි කිසිවක් විශ්වය තුළ නැත.
4.   
කෙනෙකුට දිය හැක්කේ බුද්ධිය නොව දැනුමයි.
5.   
ආශාව බලවත් වූ විට එහි කෙලවර දැකීම ඉතාම අපහසුය.
6.   
සත්‍යයට අඬඛෙර අනවශ්‍යය.
7.   
සෙනෙහස දයාවේ දෝංකාරයයි.
8.   
සෙඳහි ලප දුරට නොපෙනේ.
9.   
ඇතැම් චරිත වඩාත් සජීවි වන්නේ මියගිය පසුවයි.
10.   
විශ්වාසය සෞභාග්‍යයේ පදනමයි.
11.   
නිහ~තාවයද ප්‍රභල අවියකි.
12.   
සහනයේ අගය දන්නේ වේදනා ලැබූවන්ය.
13.   
රුපියල් නැතිදා සතවල අගය වැටහේ.
14.   
අවර්ණයද වර්ණයකි
15.   
අවංක පරිහ්‍රමයේ තිළිණය ආත්ම තෘප්තියයි.
16.   
සැකය, අබාග්‍යයේ දෝංකාරයයි.
17.   
ආකර්ශනයක්නැති කල සිදුවන්නේ විකර්ශනයකි.
18.   
හැම සටනක්ම තවත් සටනක ආරම්භයකි.
19.   
ජීවිතය යනු පිටුවෙන් පිටුවට කියවිය යුතු පොතකි.
20.   
ඓශ්චර්යය ඉදිරිපසින් ලඟාවත්ම සංතුශ්ටිය පෑල දොරින් පලා යයි.
21.   
වඩා අගය කල යුත්තේ ආරම්භයේ සිටින හිතවතුන්ය.
22.   
බූරුවන් සමග සිංහයන්ට සිටිය නොහැක
23.   
උත්සාහය ජයග්‍රහණයේ සෘජුමාර්ගයකි.
24.   
උසස් ජීවිතය උස් වූ කඳු මුදුණකි.
25.   
අවංකභාවය යනු සාර්ථකත්වයට සමීප වීමකි.
26.   
සාර්ථක ජයග්‍රාහකයා ඉලක්කයක් ඇතිව තරඟ වදින්නේය.
27.   
නූගත්හු සුවඳ නැති කැලී මල බඳුය.
28.   
සෙනෙහස මෛත්‍රියේ මිතුදමයි.
29.   
දැනුම මතම නව දැනුම වර්ධනය වේ.
30.   
ඉර, හඳ, පොළව කිසිවිට කිසිවෙකුගෙන් දායාද නොඉල්ලයි.
31.   
පියවිනෙතට වඩා යමසක් අන්වීක‍ෂයකින් දැකීමට පුළුවන.
32.   
සිත දුකින් පිරුණ කල ජීවිතයම ගිම්හානයකි.
33.   
කාලය සියල්ල අභිබවයි.
34.   
ඔබට රෝගී බවක් දැනේ නම් නොකඩවා වැඩෙහි යෙදෙන්න.
35.   
ඔබට නිදිමත දැනේ නම් නොකඩවා වැඩේ යෙදෙන්න.
36.   
වැස්ස නියඟයේ ප්‍රථීපලයකි.
37.   
ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ පරාජයන් ඔස්සේය.
38.   
කළුද පාටකි.
39.   
පරමල් බුදුන්ට නොපිදේ.
40.   
මිනිසෙකු උදාසීන වීම යනු පණපිටින් වැළලී යාමකි.
41.   
නිහඬතාවය තියුණු වාග් ප්‍රහාරයකට වඩා බලවත්ය.
42.   
මිතුරෙක් හෝ සතුරෙක් නොමැත්තා බලයක් හෝ ශක්තියක් නැත්තෙකි.
43.   
ගැලු ගඟකින් පලක් නැත.
44.   
අන්ධයාට සියල්ල කළුය.
45.   
ප්‍රමාදය දුකට හේතුවේ.
46.   
සැකය මාරකයක් වීමට පෙර දුරළිය යුතුය.
47.   
සීතල වයින් කාලයක් ඇර තැබූ විට විනාකිරි වේ.
48.   
තේමාව පොදුවූ විට පුද්ගලිකත්වයේ බර නොදැනී යයි.
49.   
කෝපය අණුවන කමක් වීමට ඉඩ නොතබන්න.
50.   
යමෙකු යෝධයෙකු වන්නේ අවට අය කුඩාවන තරමටය.
51.   
අඳුරේපිපෙන පුෂ්පය වඩාත් සුවඳය.
52.   
ගොනා කැලේ මාර්ගෝපදේශකයාය.
53.   
යුක්තිය විශ්වාසනීයත්වයේ පදනමයි.
54.   
වීරත්වය එඩිතරකමේ තිළිණයයි.
55.   
කුරුම්බාවකින් රන් තැඹිලියේ ගුණ ලද නොහැක.
56.   
සෑම අයෙකුම කටේ කෙටේරියක් ඇතිව උපදියි.
57.   
සැබෑ පින්කමේ දෝංකාරය ඇසෙන්නේ මනසටය.
58.   
හිරු ඇති විට තරු නොපෙනේ.
59.   
වැඩි බලාපොරොත්තු දැඩි ශෝකය ගෙනදේ.
60.   
සවිය අවියක් නොවිය යුතුය.
61.   
වසන්තය ගිම්හානයක් කර නොගත යුතුවේ.
62.   
කෙනෙකුට මල හිරු තවෙකෙකුට නව හිරුය.
63.   
මලේ සුවඳ දැනෙන්නේ බඹරුන්ටය.
64.   
අඳුර වැඩිවත්ම පහනේ සේවය වඩා වැඩිවේ.
65.   
සත්‍යය යනු බහුතරයේ පිළිගැනීමයි.
66.   
පරාජිතයෙකු නෙවේ නම් ජයග්‍රාහකයෙකු බිහි නොවේ.
67.   
සාමයේ වටිනාකම හොඳින් දන්නේ යුද්ධයේ බියකරු බව හඳුනාගත්තෝය.
68.   
ඔබ නිවැරදිදැයි මුලින්ම තහවුරු කරගන්න ඉන්පසු ඉදිරියටම යන්න.
69.   
බුද්ධිමත් මිනිසා තමාට උදාවන අවස්ථාව දෙගුණ කරගනී.
70.   
හැම විටම දිනන්නේ සත්‍යය නොවුවත් සත්‍යය දිනූ විට සදාකල් පවතී.


_උපුටා ගැනිම අන්තර්ජාලයෙනි_