කිම ගියේ..........මට කලින් නුඹ (සමීර ප්‍රසන්න කුමාර)

    මතු සසරෙදිත්

 නෙතු පියන් වසා සෙමින් සැරේ
 වියලෙන දෙතොලග
 ලෙන්ගතුවම සිප ගන්න
 නුඹ නැතත් මා ලගින්…….
 නිහඬ ඒ සොදුරු මතකයන්……..
 මා ජීවත් කරයි තව තවත්……

 හරි අහිංසක ලෙසට
 මැවි මැවි මියදෙන
 නු‍බේ කුලුදුල් ඒ සිනහව
 මට කියයි හදවතින් 
 සොයා යන්න නුඹ ගිය 
 ඒ ලොවට................................

 බුදු දහමකට හද නැමී
 මියදෙන්න බෑ අකල් වී
 නිසසලයි සංවරයි මේ සිත....
 තව තවත් නුබෙ නමින්
 ඉකි ගසා හද රිදවමින්
 දිවි ගෙවම් මම නුඔ නමින්
 එක් වෙන්න මතු භවෙත්...................

0 comments :

Post a Comment