අතීතය තුලින් වර්තමානය දකින්න උත්සාහ කරන පෙම්වතුන් මෙලොව එදත් අදත් හෙටත් සිටින බැව් මොනවට පවසන්නද? නමුත් සොමරත්න බාලසුරියයන් විසින් රචිත මෙම සොදුරිය ගැන ඔබට යමක් කියන්නට නොව සිතන්නට අවස්ථාවක් ලබා දෙන්නට මම වෑයම් කරමි. සැබැවටම මෙම පෙම්වතා තම බිරිය තුළින් දකින්නට උත්සාහ කරන‍්නේ සොයන්නට උත්සාහ දරන්නේ තමාව අතහැර ගියාවු , අහිමිව ගියාවු පෙම්වතියද නැතිනම් තම ආදරණිය බිරිඳ වීමට මත්තෙන් සිටි ඒ පෙම්වතියද?

සිත පෙළන වේදනා........................

         සොදුරිය

  ඔබගෙන් උදුරාගත් 
    සිනහව
     කෙස්වල රළු බව
       දත්වල පැහැය
         ගෙලවට සුවඳ
            රැකගෙන ඇත්තෙමි
               රැකගෙන ඇත්තෙමි
                   කෞතුකයක් සේ................

                     ඔබ ගත මුදුකම
                  මා ඇඟිලි තුඩුවල
               තොල්පෙති මත
             මුවගෙහි
          රැඳී තිබේ
       ඇලී තිබේ
    වතුරට දිය නොවෙනා
ලාටු ලෙසින්...................................

                  අඳුරු ලොවේ කෙඳුරුම්
                    ඇලී තිබේ දෙසවන් තුළ
                        ඔබ හැම ඉකිබිඳුමක් 
                           හෙළු කඳුලක් 
                                විදුලි කොටයි මහද තුළ....................... 

                 බිරිඳක ළඟ අද පිටදී සිටියත්
                 සොදුරිය- ඇඟිලි- දෑතට- නියගට
                 දිවගට- තොලගට- හසුවන්නේ ඔබ
                 ඈ ගෙලවට ඉවකර බැලුවෙමි
                 ඔබ ගෙලවට - තිබු සුවඳ සෙවිමට

                                                  ( සෝමරත්න බාලසුරිය)

1 comment :